Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් ඇන්ඩ් වෙජිටබල් කෙබාබ්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් බ්‍රෙස්ට් (අඟලක පමණ කෑලි කපාගත් ) කිලෝ ග්‍රෑම් 1
  • අන්නාසි ගෙඩි 1 ( කැබලි කළ )
  • මධ්‍යම ප්‍රමාණයේ ලූණු ගෙඩි 1 (ලොකු කෑලි කපාගත්)
  • මධ්‍යම ප්‍රමාණයේ මාලු මිරිස් 2 (පෙති කපාගත්)
  • සුදු ලූණු බික් 6 (සිහින්ව කපාගත්)
  • කරපිංචා (සිහින්ව කපාගත්) මේස හැඳි 2
  • දෙහි පොතු තේ හැඳි 1-2
  • චිලි පේස්ට් මේස හැඳි 2
  • තෙල් මේස හැඳි 2
  • ලුණු, ගම්මිරිස්
  • චිකන් බ්‍රෝත් මිලි ලීටර් 50 (වතුර මිලි ලීටර් 100කට මැගී චිකන් සීසනිං කියුබ් 1)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මස් පදම සඳහා සුදු ලූණු දෙහි පොතු කරපිංචා චිලි පේස්ට් රස වෙනුවෙන් ලුණු සහ ගම්මිරිස් මැගී චිකන් බ්‍රෝත් එකතු කරන්න හොඳින් ගසා ගනිමින් මිශ්‍ර කරන්න

2 පියවර

චිකන් කැබලි සාදා ගත් පදම් මිශ්‍රණයට එක් කරන්න අන්නාසිද ඊට එක් කරන්න

3 පියවර

ලූණු මාලු මිරිස් ඊට එක් කර හොඳින් මුහු වන තුරු මිශ්‍ර කරන්න

4 පියවර

එහි අඩංගු සෑම දෙයක්ම කූරක් ගෙන එහි ගසන්න. ඒ සඳහා යොදාගන්නා සෑම දෙයක්ම නැවත නැවත ඊට ඇතුළත් කරන්න

5 පියවර

වරින් වර කරකවමින් විනාඩි 12 -16 දක්වා කාලයක් දුඹුරු පැහැ වන තුරු රත් කරගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 261

කැලරි 375 Kcal

ප්‍රෝටීන් 63g

මේද 10g

කාබෝහයිඩ්‍රේට් 40g

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි