Sorry, you need to enable JavaScript to visit this website.

බේක්ඩ් සීෆුඩ් රයිස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • දිගටි සහල් ග්‍රෑම් 200 (බාස්මතී)
  • ඉස්සෝ ග්‍රෑම් 200 ( පොතු ඉවත් කර සකස්කරගත්)
  • රතු බෙල් පෙපර් ග්‍රෑම් 100 (කෑලි කපාගත්)
  • දැල්ලෝ ග්‍රෑම් 200 ( පිරිසිදු කර ත්‍රිකෝණ හැඩයට කපාගත්)
  • කොළ පැහැ සුකිනි ග්‍රෑම් 50 (කෑලි කපාගත්)
  • පාස්ලි මේස හැඳි 2 (සිහින්ව ලියාගත්)
  • ඉදුණු මිරිස් 1 (සිහින්ව ලියාගත්)
  • තක්කාලි ග්‍රෑම් 100 ( කෑලි කපාගත්)
  • ලුණු
  • ගම්මිරිස්
  • බටර් ග්‍රෑම් 20
  • අසමෝදගම් කොළ මේස හැඳි 4 ( සිහින්ව කපාගත්)
  • තක්කාලි පේස්ට් ග්‍රෑම් 5
  • තෙල් මිලි ලීටර් 50
  • මැගී වෙජිටබල් ස්ටොක් මිලි ලීටර් 400 (වතුර මිලි ලීටර් 100 කට මැගී වෙජිටබල් සීසනිං කියුබ් 1ක්)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කරගන්න. ඊට ඉස්සෝ දැල්ලෝ එක් කර ලා රෝස පැහැ වනතුරු පිසගන්න

2 පියවර

ඊට බටර් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න

3 පියවර

ඊට මිරිස් බෙල් පෙපර් සුකිනි තක්කාලි දමා හොඳින් මිශ්‍ර කරන්න

4 පියවර

ඊට තක්කාලි පේස්ට් දමා හොඳින් මිශ්‍ර කර ගන්න

5 පියවර

ලුණු ගම්මිරිස් පාස්ලි එක් කරන්න. බත් එක්කර හොඳින් මිශ්‍ර කරන්න

6 පියවර

ඊට මැගී වෙජිටබල් ස්ටොක් එකතු කර හැඳි ගාන්න. මඳක් පිසෙන්නට හරින්න

7 පියවර

භාජනයක් ගෙන ඊට බත් එක්කර ඊට ඉහළින් පාස්ලි ඉස පිළි ගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි